පළමු දිනය දිග්විජය කළ සිම්බාබ්වේ කණ්ඩායමට වැඩි වාසි

498

ශ්‍රී ලංකාව එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ නිමා වන විට සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 352 ක් රැස්කරමින් ප්‍රබල තත්ත්වයක පසුවේ.

නායක ෂෝන් විලියම්ස් පන්දු 137 කින් ලකුණු 107 ක් රැස්කිරීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් බවට පත්විය. විලියම්ස්ගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය. විලියම්ස් සිය දෙවැනි ටෙස්ට් ශතකය පන්දු 131 කින් සම්පූර්ණ කළේය.

රෙගීස් චකබ්වා (නොදැවී 31) සහ ටිනොටෙන්දා මුටොම්බොඩසා (නොදැවී 10) දිනයේ ක්‍රීඩාව අවසන් වන විට පන්දුවට පහර දෙමින් සිටියේය.

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ ඕවර 30 ට ලකුණු 153 ක් රැස්කර තිබුණි.

අද තරගයේ දෙවන දිනයයි.