ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ඉදිරියේ පළමු වරට ටෙස්ට් පරාජයක් ලැබීමේ අවදානමක

1143

අතිශය දුර්වල ශ්‍රී ලංකා පිතිකරණ ලයිස්තුව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 293 දී නතර කරදැමීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් විය.

සිය පළමු ඉනිමේදී ලකුණු 406 ක් ලබාගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගයේ ශ්‍රී ලංකාව 293දී නවතා දමා තෙවන දිනට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලබා සිටියහ.

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 113 ක වාසියත් සමගින් සිම්බාබ්වේ පිල ඒ වන විට ලකුණු 175 ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 9 ක් අත ඇතිවය.

අද තරගයේ සිවුවන දිනයයි.