දේශපාලන පළිගැනීම් අවසන් – හම්බන්තොටට යළිත් ක්‍රිකට් වසන්තය

1589

වසර පහක දිගු නිහැඩියාවකින් පසු හම්බන්තොට සූරීයවැව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ජාත්‍යන්තර ක්‍රිකට් වසන්තය පැමිණ තිබේ.

ඒ අනුව සංචාරක බටහිර කොදෙව්වන් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතය. ඒ එළඹෙන 26 වනදාය.

2015 ජනවාරි අට ආණ්ඩු මාරුවත් සමග හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට කිසිඳු ජාත්‍යන්තර තරගයක් ලබා නොදීමට පාලකයන් සහ ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේය.

ලොව විශාලතම සහ ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණයක් පවතින සූරියවැව ක්‍රීඩාංගණය මෙරට ඉදිකෙරෙන්නේ ශ්‍රී ලංකාවට වැසි ඇදවැටෙන සමයක පවා බාධාවකින් තොරව මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමේ ඉඩම් එම ප්‍රදේශයේ ඇති බව හඳුනාගැනීමෙන් පසුවය.

ඒ 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වුනු විස්සයි විස්ස ලෝක කුසලානය අරඹයාය. එම තරගාවලියේදි බොහෝ විදෙස් ක්‍රීඩකයන් තරගාවලියේදි සිය ප්‍රියතම ක්‍රීඩා පිටිය සූරියවැව ක්‍රීඩා පිටිය බවද ප්‍රකාශ කිරීම විශේෂත්වයක් විය. සූරියවැව ක්‍රීඩාංගණය දිවා රාත්‍රී තරග සඳහාද ප්‍රසිද්ධියක් උසුලයි.

කෙසේ වෙතත් පසුගිය සමයේ සූරියවැව ක්‍රීඩා පිටියට කිසිඳු තරගයක් ලබා නොදුන් අතර ක්‍රීඩාපිටියේ නඩත්තු කටයුතුද සිදු කිරීම ක්‍රිකට් බලධාරීන් විසින් අතහැර දැම්මේය.

ඉන්පසුව සූරියවැව ක්‍රීඩා පිටියේ ඉදිකර තිබූ නවීන පුටු ගලවා නැවතත් කොළඹට ගෙන ඒමටද ඒ සමයේ දේශපාලන අධිකාරිය කටයුතු කරන ලදි.