වේග තනතීරුවල කෝලිගේ දුර්වල ක්‍රීඩා විලාසය තවදුරටත් – නවසීලන්තය ඉන්දියාව කඩුලු දහයකින් පරදවයි

735

සංචාරක ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලූ 10ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය ඊයේ සමත් විය.

ඒ අනුව ලෝක කුසාලන ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලිය යටතේ පැවැත්වෙන දෙරට අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් වශයෙන් පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් විය.

මෙහිදී ඉන්දීය පළමු ඉනිම ලකුණු 165කට සීමා කිරීමට නවසීලන්ත කී‍්‍රඩකයෝ සමත් වූහ. එහිදී ඉන්දීය පිතිකරුවන්ට දැඞී පීඩනයක් එල්ල කළ ටිම් සවුති සහ කයිල් ජෙමිසන් එක්ව ඉන්දීය ඉනිමේ කඩුලූ 8ක් බිඳ දැමීය. දිගින් දිගටම වේග තනතීරු වල අසාර්ථක වූ ඉන්දී නායක විරාත් කෝලී ලකුණු 2කට දැවි ගියේය.

නවසීලන්තය පළමු ඉනිමේ ලකුණු 348ක් වාර්තා කරමින් තරගයේ වැඩි වාසි වේලාසනින්ම තමන් වෙතට නතුකර ගැනීමට සමත් විය. ඉසාන්ට් ෂර්මා නවසීලන්ත ඉනිමේ කඩලූ 5ක් බිඳ දැමූ අතර නවසීලන්තය වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 89ක් වාර්තා කළේය.

ලකුණු 183ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 191කට සියලූ දෙනා දැවී ගියේය. ඒ අනුව ජයග‍්‍රහණය සඳහා හිමි වූ ලකුණු 9ක පහසු ඉලක්කය කිසිවෙකු නොදැවී පසුකර යෑමට නවසීලන්තය සමත් විය. ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට මයාන්ක් අග‍්‍රාවල් සමත් විය. විරාත් කෝලි ලකුණු 19කට දැවි ගියේය.

ටිම් සවුති ඉන්දීය දෙවැනි ඉනිමේදීද කඩුලූ 5ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර ටෙ‍්‍රන්ට් බෝල්ට් ඉන්දීය දෙවැනි ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීය.

ඉන්දීය පළමු ඉනිම 165/10

නවසීලන්ත පළමු ඉනිම 348/10

ඉන්දීය දෙවැනි ඉනිම 191/10

නවසීලන්ත දෙවැනි ඉනිම 9/0