සූරියවැව ජයභූමියක් වේ – කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

405

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් වශයෙන් ශූරතාව ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්විය.

හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවිය.

වසර දෙකකට පසුව සුරියවැව ක‍්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගය නැරඹීම සඳහා අතුරු සිදුරු නැතිව පේ‍්‍රක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යද්දී, පන්දු 15 ක් තුළදි ශ‍්‍රී ලංකාවේ පළමු කඩුලූ දෙකම ලකුණු නවයකට ගලවා දැමීමට කොදෙව්වන් සමත් විය.

නමුත් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 226 කදී ලකුණු 239 ක සබඳතාවක් එක් කරමින් ශ‍්‍රී ලංකා ඉනිම ප‍්‍රාණවත් කළේය.

මෙය ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ තුන්වැනි ඉහළතම සම්බන්ධතාව වේ.

උපුල් තරංග සහ සනත් ජයසූරිය එංගලන්තයට එරෙහිව ගොඩනැගූ ලකුණු 286 කද, උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් 2011 වසරේ සිම්බාබ්වේට එරෙහිව ගොඩනැගූ ලකුණු 282 ක, සම්බන්ධතා මෙම සම්බන්ධතාවට ඉහළින් තිබේ.

මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටවූ හොඳම සබඳතාව මෙන්ඩිස් සහ අවිශ්ක වාර්තා කරද්දී මීට පෙර එහි ප්‍රථම ස්ථානයේ වැජඹුනු දික්වැල්ල සහ ගුණතිලකගේ (229) සබඳතාව දෙවැනි තැනට ඇද වැටුණි.

මීට පෙර කුමාර් සංගක්කාර (133), ක්යින්ටන් ඞී කොක් (128), කුසල් පෙරේරා (116), ධනුෂ්ක ගුණතිලක (116), නිරෝෂන් දික්වැල්ල (116-102), තිලකරත්න ඩිල්ෂාන් (113), ටමීම් ඉක්බාල් (112), උපුල් තරංග (111), හැමිල්ටන් මසකඩ්සා (111), ඒ. බී. ඩිවිලියර්ස් (108), විරාට් කෝලි (106) සහ මහේල ජයවර්ධන (100) සූරියවැව ක්‍රීඩාංගණයේ ශතක වාර්තා කිරීමට සමත්ව තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 346 ක ඉලක්කය හඹාගිය කොදෙව් පිල ඕවර 39.1 කදී ලකුණු 184 කට සීමාවිය.