විස්සයි විස්ස තරගාවලියෙන් ධනංජය, නුවන් හැලේ – අසිත ඇතුලට

737

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් වේග පන්දු යවන කී‍්‍රඩක නුවන් ප‍්‍රදීප් හා තුන් ඉරියව් කී‍්‍රඩක ධනංජය ද සිල්වා ඉවත් කර තිබෙනවා.

ඒ, ඔවුන් දෙදෙනාම එක්දින තරගාවලියේදි ආබාධවලට ලක්වීම හේතුවෙන්.

පාදයේ ආබාධයකට ලක්ව සිටින නුවන් ප‍්‍රදීප්ට සති 6 ක කාලයක් කි‍්‍රකට් පිටියෙන් ඉවත්වීමට සිදුවන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා.

ධනංජය ද සිල්වා මේ වනවිට කොළඹට කැඳවා ඇති අතර ඔහුද සැත්කමකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

නුවන් ප‍්‍රදීප් වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක අසිත ප‍්‍රනාන්දු කණ්ඩායමට කැදවා තිබේ.

විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට (04) පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. දෙරට අතර දෙවන හා අවසන් පන්දුවාර 20 තරගය එම කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන්නේ ලබන 6 වැනිදායි.