ඕස්ට්‍රේලියාවේ ටොයිලට් පේපර්ස් හිගය දරුණුයි – වෙළදුන් තොග සඟවා වැඩි මිලට විකුණයි – වෙළදසැල්හි ගැටුම්

1154

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි ටොයිලට් පේපර්ස් හිගය ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රමුඛ මාතෘකාවක් වී තිබේ.

සති කිපයක සිට ඕස්ට්‍රේලියාවේ ටොයිලට් පේපර්ස් හිගයක් ඇතිවූ අතර, එම හිගය ඇති වූ සැණින් වෙළදසැල් හිමියන් ටොයිලට් පේපර්ස් තොග සඟවා වැඩි මිලට ටොයිලට් පේපර්ස් විකුණමින් සිටින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් නිවෙස් වලට වී සිටීම සඳහා සුදානම් වන ඕස්ට්‍රේලියානුවන් විසින් අධික ලෙසට ටොයිලට් පේපර්ස් තොග මිලට ගැනීම හේතුවෙන් මෙම හිගය ඇතිව තිබෙනා බව කියවේ.

මේ වනවිට ටොයිලට් පේපර්ස් ඕස්ට්‍රේලියාවේ වටිනාම භාණ්ඩයක් වී තිබෙනා අතර, අතිශය දුලභ ටොයිලට් පේපර්ස් තොග වෙනුවෙන් සුපිරි වෙළදසැල් තුල ගැටුම් ඇති කරගන්නා ඕස්ට්‍රේලියානුවන් පිළිබඳ පුවත්ද සුභල වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය බ්‍රැඩ් හැසාර්ඩ් ට්විටර් පණිවිඩයක් තබමින් ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා ටොයිලට් පේපර්ස් ගබඩා කර ගැනීමෙන් වලකින ලෙසටය. එමගින් ඒවා අත්‍යවශ්‍ය, සෞඛ්‍ය ගැටලු වලින් පීඩා විඳින රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බවත් ඕස්ට්‍රේලියානු විදෙස් ඇමතිවරයා සඳහන් කර තිබේ.

එම ට්විටර් පණිවිඩය පහතින්,

 

ටොයුලට් පේපර්ස් උදෙසා සුපිරි වෙළදසැල් වල ගැටුම් ඇති කරගන්නා ඕස්ට්‍රේලියානුවන්,