ජනපති ගෝඨාගෙන් සුපිරි තීරණයක් – පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටුවේදී හකීම්ට, හා සුමන්තිරන්ට රිදෙන්න දුන් ජේ ජේ රත්නසිරි මහතාට නැවතත් තනතුර.!

2596

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය විසින් පත් කළ පාර්ලිමේන්තු කමිටුව විසින් අපහසුතාවයට ලක් කිරීමට උත්සාහ කළ අමාත්‍යංශ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා රටේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වුනි.

ඒ එම කමිටුව විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට දඬුවම් දෙනු විනා පාස්කු ප්‍රහාරය එල්ල වූ පසුව රාජ්‍ය සේවකයන්ට නියම කළ චක්‍රලේඛකයකින් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් කඩවූවා යැයි කියමින් ඒ පිළිබඳ කරුණු විමසීමට ඒ මහතා කැඳවා තිබුනා.

එම සිදුවීම ජනතාව අතර විවේචනය වූයේ පාස්කු ත්‍රස්තයන්ට දඬුවම් දෙනවා වෙනුවට ත්‍රස්තවාදීන්ගෙන් රාජ්‍ය සේවකයන් රැක ගැනීමට නීතියක් පැනවූ අමාත්‍යංශ ලේකම්වරයා කමිටුවට කැඳවීමට රාවූෆ් හකීම් ඇතුලු එම කමිටුව තීරණය කිරීමත් සමගය.

එහිදී සුමන්තිරන්, රාවූෆ් හකීම්, රවී කරුණානායක ආදීන්ගේ දැවැන්ත ප්‍රහාරයන්ට නොසැලෙමින් ඒ මහතා අභීතව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනි සිටීම සමස්ත රටේම ආදරයට ලක් වුනා.

එහිදී ජේ ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ට නීති සෑදීමේදී මුස්ලිම්, ද්‍රවිඩ වූ පලියට විශේෂ සැලකිල්ලක් ලබා දීමට නොහැකි බවය. එම ප්‍රකාශයට සුමන්තිරන් හා රාවූෆ් හකීම් දැඩි ලෙස කෝපයට පත්ව අමාත්‍යංශ ලේකම්වරයාට බැන වදිනුද දැක ගත හැකි වූවා.

කෙසේ වෙතත් පසුගිය රජයේ සුමන්තිරන්ට සහ රාවූෆ් හකීම්ට තිබූ බලය පෙන්වමින් ඒ මහතා පසුව ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ධූරයෙන් නෙරපා දැමුනා.

එලෙස නෙරපා දැමුණු ජේ. ජේ රත්නසිරි මහතා නැවතත් ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස නැවත පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම තීරණයට සමාජජාලා මාධ්‍යයන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්ව තිබුනා.