හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 3ක සිර දඬුවමක්

69

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කළා.

ඒ 2005 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වා කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ සිදුකළා යැයි කියන වංචාවක් හේතුවෙනි.

මීට අමතරව චෝදනා වලට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ද ගෙවීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළාය.